දලදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඔෟශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ. |
ශ්‍රි ලංකාවේ ජගත් උරුමයන් ශ්‍රී ලංකාවේ පහත දැක්වැන ස්ථාන හත එක්සත් ජාතීන් ජගත් උරුම ලැස නම් කර ඇත. පොළොන්නරුව ඓතිහාසික නගරය(1982),සිගිරි පෞරාණික නගරය(1982),රන්ගිරි දඹුලු ගල් විහාරය(1991), ගාලු නගරය(1988), ඓතිහාසික අනුරාධපුරය නගරය(1982), නුවර නගරය(1988), සහ සිංහරාජ රක්ෂිතය(1988)
Tuesday, August 3, 2010
ශ්‍රී දළදා මාලිගාව
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment